Sunday, May 5, 2013

JF - 17 ප්‍රහාරක යානය

  

                             JF - 17  ප්‍රහාරක යානය

(මෙවැන් යානා ලංකාවට ගෙනාව කියල නිල වාර්ථාවක් නම් මට සොයා ගන්න බැරි උනා)

ඔන්න ටික දවසකින් ආයෙ බ්ලොක් සටහනක් තියන්න වෙලාවක් ආව. 

මේ සටහන තියන්න මට හිතුනෙ මම මේ ලගදි දැක්ක එක්තරා දර්ශනයක් නිසා.දිනක් උදෑසන පන්නල පදේශයේ මා ඥාතියෙකුගේ නිවසකට යෑමේ අදහසින් බසයෙන් බැසගත් අවස්ථාවේදී දුටු වේ මෙවන් දර්ශනයකි. ඉතා අධික ශබ්දයක් සහිතව හදුනානොගත් ප්‍රහාරක යානා දෙකක් ඉදිරියෙන් ගමන්කලේ මද වේගයක් සහිතවය. නමුත් බැලූ බැල්මට එය අප රටේ නිතර දකින ප්‍රහාරක යානා නොවන බව මට වැටහී ගියේය. එය මා අන්තර්ජාලයේ දැක ඇති JF - 17 ප්‍රහාරක යානයකට බොහෝ සෙයින් සමානය. ඉන් ගත වූවේ තත්පර දෙක තුනකි. මගී ප්‍රවාහන ගුවන් යානයකට ආරක්ෂාව සපයමින් ගමන් ගන්නා තවත් එවැනිම ගුවන් යානා දෙකක් දුටුවේ ඊට සමාන්තර ගුවනේය.මට ඒ අවස්ථාවේ මතකයට නැගුනේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මෙම වසරේදී ලබා ගන්නා බව කියූ JF-17  ප්‍රහාරක යානා 6 පිළිබද අන්තර්ජාලයේ වාර්ථා වී තිබූ පුවතය.මෙම දර්ශනය දැක මා මාගේ ඥාති සහෝදරයාගේ නිවසට පැමිණි පසු ඔහුද පැවසුවේ මෙම අමුතු ගුවන් යානා අහසේ කළ රැගුම පිලිබද විස්තරයය.

ඉන් පසු මා නිවසට පැමිනි මොහොතේ මෙම යානා පිළිබද මදක් සොයා බැලීමට අන්තර්ජාලයට පිවිසුනෙමි. කොතරම් සොයා බැලුවද ශ්‍රී ලංකාවට මෙම යානා ගෙන එනු ලැබූ බවට කිසිදු තොරතුරක් ජනමාධ්‍යයෙහි වාර්ථා වී නොමැත.
නමුත් මෙම යානා පිලිබද එහිදී මා සොයාගත් කරුණු කිහිපයක් තමා මා ඔබට අද ඉදිරි පත් කරන්නට සැරසෙන්නෙ. සමහර විට මෙය මේ යානා පිළිබද සිංහලෙන් තබන පලමු සටහන ද විය හැකියි.

JF - 17  ප්‍රහාරක යානායක්
CAC/PAC JF-17 thunder කියල තමයි මේ යානා හදුන්වන්නෙ. මෙම යානා  multi-role combat aircraft  බහුකාර්ය ප්‍රහාරක යානා ගණයට තමයි අයිති වන්නෙ. මෙම යානා light-weight  සැහැල්ලු බරින් යුත් ප්‍රහාරක යානා විශේෂයක්.ඒ වගේම තමා අපේ රටේ තියෙන අනෙකුත් ප්‍රහාරක යානා වගේම මෙහි යා හැක්කෙත් එක් ගුවන් නියෙමුවෙකුට පමණයි. මෙම යානා හදන්න රටවල් දෙකක් දායක වෙලා තියෙනව. ඒ තමා චීනයත් පකිස්ථානයත්. ඒ නිසාම තමා මෙයට JF කියන නාමය join fighter දීල තියෙන්නෙ. පකිස්ථානයෙ Pakistan Aeronautical Complex කියන සමාගමත්  චීනයෙ Chengdu Aircraft Industries Corporation කියන සමාගමත් තමා මෙහි සම නිෂ්පාධකවරුන්. 


මෙම යානා ප්‍රධාව වශයෙන් ගුවන් සටන් air to air සදහා තමයි යොදා ගන්නෙ. හැබැයි අවශ්‍යතාව අනුව  බිම්ගත ප්‍රහාර සදහාත් යොදා ගන්නව. මෙහි පළමු යානය හදල තියෙන්නෙ 2003 අගේස්තු මස 25 වන දිනයි. නමුත් මෙම යානා නිල වශයෙන් නිෂ්පාධනය අරබල තියෙන්නෙ 2007 මාර්තු 12 වන දින ඉදල. ‍එමෙන්ම මෙම යානා සේවයට එක් කරල තියෙන්නෙ 2010 පෙබරවාරි 18 වන දින සිටයි. මෙම යානා දැනට භාවිතා කරන්නෙ පකිස්ථානය පමණයි. ඔවුන්ගෙ No. 26 Squadron Black Spiders සහ No. 16 Squadron Black Panthers  කියන ගුවන් ඒකක දෙක තමා මේ යානා භාවිත කරන්නෙ. දැනට ඔවුන් සතුව මෙවැනි යානා 42 පමණ ඇති බවට වාර්ථා ‍ෙවනව.
jf 17 cockpit


                                             

මෙම යානා සම්පූර්ණයෙන්ම පරිගණකගත කරල තමයි තියෙන්නෙ එය ඔබට ඉහත ඡායාරූපයෙන් පේනව ඇති. මෙම යානා වල උපරිම වේගය දැනට ප්‍රකාශකරල තියෙන විදිහටනම් අපේ කපීර් යානා වලට වඩා ටිකක් අඩුයි එය මච් 1.6 පමණ වෙනව.(කපීර් නම් ඉතින් 2.4 පමණ වෙනවනෙ)නමුත් මේ දැනට හෙළි කරල තියෙන කරුණු විතරයි.නමුත් මෙයට මීට වඩා වේගයක් රදව ගන්නත් පුළුවන් වෙන්න පුලුවන්. මෙම යානා සදහා ලොකයේ බොහො රටවල් වල හොද ඉල්ලුමක් අද වෙනකොට පවතිනව. සාමාන්‍යයෙන් මෙම යානායක් ඇ.ඩො.මි 15-20 අතර ප්‍රමානයක මිලක් වෙනව.

මෙම යානා පිළිබද තවත් වැදගත් කරුණු කිහිපයක් පහතින් දැක්වෙනව.


Performance
Armament
Avionics

මෙම යානා ගැන සත්‍ය අපට ඉදිරියේදි දැන ගන්නට ලැබෙයි.

No comments:

Post a Comment