Monday, April 22, 2013

ඔන්න යාලුවනේ මම එදා කිව්වනේ අපේ ගුවන් හමුදාවෙ තියෙන තවත් ප්‍රහාරක යානයක් ගැන කෙටි විස්තරයක් ඉදිරිපත් කරනව කියල  ඒ තමා මිග් 27 යානය.

මිග් 27 (MIG 27)





මේ යානය තමයි අපේ ගුවන් හමුදාවට තියෙන වැඩිම ප්‍රහාරක අවි ප්‍රමාණයක් සමග ගුවන් ගත වීමට හැකි යානය.කිලෝග්රෑම්  වලින්නම් 8392ක් පමණ. හිතාගන්ඩ පුලුවන්නෙ කොහොම යානයක්ද කියල. .මේ යානා අපේ රටට නම් මුලින්ම ගෙනල්ල තියෙන්නෙ 2000වසරෙදි. ගොඩක් වෙලාවට මේ යානය භාවිත කරන්නෙ බිම තියෙන ඉලක්කයකට( Ground attack ) පහර දෙන්න තමා. ඒත් ගුවන සටන් වලදිත් Attack aircraft යොදා ගන්න වෙලාවන් තියෙනව. මේ යානය නිෂ්පාධනය කරල තියෙන්නෙ රුසියාවෙ මිකෝයන් Mikoyan OKB කියන සමාගම විසින්. පස්සෙ කාලෙක එම සමාගමේ අවසරය පිට අපේ අසල්වැසි රට වන ඉන්දියාවත්  Hindustan Aeronautics මෙහි වැඩි දියුණු  කිරීම් කලා. අපේ ගුවන් හමුදාව භාවිත කරන මෙම යානයේම තවත් නිවුන් සහොදරයෙක් ඉන්නව ඒ තමයි මිග් 23 ඒ එක් කෙනෙකුත් අපේ ගුවන් හමුදාව සතුයි.(හැබැයි නිවුන් සහෝදරයෙක් කිවුවට ඒයා අපි භාවිතා කරන්නෙ මිග් 27 නියමුවන් පුහුණු කරන්න විතරයි. ‍මේකෙ දෙන්නෙකුට ගමන් කරන්න පුළුවන්) මිග් 27 යානය මුල් වරට නිපදවල තියෙන්නෙ 1970 අගෝස්තු මාසෙ 20 වෙනිද. හැබැයි ඒක ලෝකයට හදුන්වල දීල තියෙන්නෙ 1975 අවුරුද්දෙදි තමා. මේ යානයට නේටෝ සංවිධානය ලබා දීල තියෙන නම තමා ප්ලොගර්( Flogger ) කියන අන්වර්ත නාමය. හැබැයි මෙයාට අර අපි කලින් කියපු කපීර් යානය තරම් වේගයෙන් නම් යන්න බෑ සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේදි නම් උපරිම වේගය පැ/කි 1350 පමණ මීටර් 8000  පමණ උසකදි පැ/කි 1885 පමණ උපරිම වේගයකට පැමිණෙනව.ඒ කියන්නෙ ගුවන් යානා වල වේගය මනින ඒකකය වන මච් (Mach) 1.77ක් පමණ.



මෙයාට තව විශේෂ හැකියාවක් තියෙනව.ඒ තමයි ඉතා අධික වේගයකට ලංවෙන අවස්ථාවෙදි අත් තටු පිටුපසට කර ගැනීමට තිබෙන හැකියාව. මේ නිසා ඉහල සිට පහලට ඉලක්කයක් වෙත වේගයෙන් පැමිණ පහර දී පලායාමේ හැකියාවක් මෙම ගුවන් යානය සතුයි. හැබැයි මේකෙ අවාසියකුත් තියෙනව මේ පියාපත් චලනය කරන් ඕන නිසා අනෙකුත් ප්‍රහාරන යානා වල මෙන් එම කොටසෙහි(චලනය වන පියාපත් කොටස) ආයුධ රැදවීමට නොහැකි වීම. මේ යානා බහුලව භාවිත කරන රටවල් තමා රුසියාව,ඉන්දියාව,ශ්‍රී ලංකාව, කසකස්ථානය, යුක්ක්‍රේනය, ඉස්සර සෝවියට් සංගමයට අයිති රටවල්. අපේ ගුවන් හමුදාවත් පසුගිය යුධ සමයෙදි මේ යානා වලින් ගොඩක් ප්‍රයොජන ගත්ත.අපේ රට සතුව මෙවැනි යානා 06 පමණ තියෙනව. තවත් කීපයක් විවිධ අවස්ථාවලදි විනාශ උනා.


‍හොදයි පහතින් මේ යානා පිළිබද තව ටිකක් විස්තර දැක්වෙනව.

  • Crew: 1 Pilot only
  • Length: 17.08 m (56 ft 0 in) [2] ()
  • Spread: 13.97 m (45 ft 10 in) [2]
  • Swept: 7.78 m (25 ft 6 in) [2] ()
  • Height: 5 m (16 ft 5 in) [2] ()
  • Wing area:
  • Spread: 37.35 m2 (402.0 sq ft) [2]
  • Swept: 34.16 m2 (367.7 sq ft) [2] ()
  • Loaded weight: 20,300 kg (44,800 lb) [2] ()
  • Dry thrust: 78.5 kN (17,650 lbf) [2] ()
Performance
  • at sea level: Mach 1.10 (1,350 km/h or 839 mph) [2]
  • at 8,000-metre altitude (26,250 ft): Mach 1.77 (1,885 km/h or 1,171 mph) [2]
  • 540 km (290 nmi; 340 mi) (with two Kh-29 ASMs and three drop tanks lo-lo-lo) [2]
  • 225 km (120 nmi; 140 mi) (with two Kh-29 ASMs and no external fuel) [2]
Armament
  • Guns:
  • 1 × GSh-6-30 30 mm cannon with 260–300 rounds [2]
  • Hardpoints: One centerline, four fuselage, and two wing glove pylons with a capacity of 4,000 kg (8,800 lb) [2]



හොදයි යාලුවනෙ ඊළග දවසෙ අපට තියෙන තවත් ප්‍රහාරක යානයක් වන F-7 යානය ගැන හොයල බලමු.......






2 comments: