Friday, April 26, 2013

ඔන්න යාලුවනේ ඔයාලට මම අපේ රටට ගුවනින් පැමිනෙන සතුරු උපද්‍රව වලින් ආරක්ෂා කර ගන්න තියෙන තවත් ප්‍රහාරක යානයක් ගැන කියන්නයි මේ ලැහැස්ති වෙන්නෙ. 

ඉතින් බලමුකො ඒ ගැන ටිකක් විස්තර හොයල බලල.

F -7 ප්‍රහාරක යානය.


‍F-7 යානා


මේ යානයට තමා F-7 කියන්නෙ.අපේ ගුවන් හමුදාවට තියෙන එකම සටන් ගුවන් (Air to air figter) යානය තමා මේ.මේ යානා වර්ගය තමයි අපේ ගුවන් හමුදාවට සුපර්සොනික්(ඒ කියන්නේ ශබ්දයේ වේගය පරදා ගමන් කල හැකි) යානා අතරින් මුලින්ම මිලදී අරන් තියෙන්නෙ. ඒ 1991 වසරෙදි. මේ යානා නිපදවන්නේ චීනයෙ.

අපේ රට සතු මෙවැනි යානයක ගුවන් සටන් සදහා අවශ්‍ය මිසයිල 2ක් ගෙනියනවා.අපේ ගුවන් හමුදාවට මෙවැනි යානා 12ක් පමණ තියෙනව. මෙම යානා තාක්ෂණික වැඩි දියුණු කිරීම් මත F-7 GS/ F-7BS ලෙස විවිධ වර්ග කිරීම් වලට ලක් කරනව.
F-7BS යානයක්
එමෙන්ම  මෙවැනි යානා පුහුණු කිරීම සදහා භාවිතා කරන්නෙ FT-7 කියන දෙදෙනෙකුට ගමන් කරන්න පුලුවන් යානා.
FT-7  යානයක්
 අපේ ගුවන් නියමුවන් මේ යානා යොදාගෙන කළ පලමු හා එකම පුහාරය වර්ථාවන්නෙ 2008 වසරෙදි. එල්.ටී.ටී.ඊ සංවිධානය මගින් පහර දීමට පදවාගෙන පැමිණි Zlin Z-43 නමැති සැහැල්ලු යානය පසුපස හමා ගිය  F-7Gයානයක් මගි.න් මුලතිව් උඩු ගුවනේදී එල්ල කල මිසයිල ප්‍රහාරයකින් එම සැහැල්ලු ත්‍රස්ත යානය විනාශ වී ගියා..

‍මෙම යානා පිලිබද ඉතිහාසය සෙයා බැලීමේදී මුල් වරට නිපදවූ වර්ෂය ලෙස සදහන් වන්නෙ 1966.අපේ රටත් ඇතුලත්ව රටවල් 12ක් පමණ මෙවැනි යානා භාවිතා කරනු ලබනව.චීනය,උ.කොරියාව,ඉරානය, පකිස්ථානය, ඊජිප්තුන, බංග්ලාදේශය, සුඩානය, බුරුමය, නැම්බියාව, නයිජීරියාව, ටැන්සානියාව, සිම්බාබ්වේ, වැනි රටවල් මීට අමතරව ඇල්බේනියාව සහ ඉරාකයද අතීතයේදී මෙම යානා භිතා කලා. මෙම යානා නිපදවන්නේ Chengdu Aircraft Corporation/Guizhou Aircraft Industry Corporation කියන සමාගම් මගින්. මෙම යානා නිපදවීමේදී උපකාරීකරගෙන තියෙන යානයක් තමා රුසියානු මිග්-21 කියන යානය.මෙම යානයකට මච් 2.0 පමණ උපරිම වේගයක් රදවා ගන්න පුලුවන්.

මෙම යානය පිළිබද තවත් කරණු කිහිපක් පහතින් දැක්වෙනව.
 
Performance
Armament
  • Guns: 2× 30 mm Type 30-1 cannon, 60 rounds per gun
  • Hardpoints: 5 in total - 4× under-wing, 1× centreline under-fuselage with a capacity of 2,000 kg maximum (up to 500 kg each)[36]
  • Rockets: 55 mm rocket pod (12 rounds), 90 mm rocket pod (7 rounds)
  • Missiles:
  • Bombs: 50 kg to 500 kg unguided bombs
Avionics
  • FIAR Grifo-7 mk.II radar


No comments:

Post a Comment