Monday, April 22, 2013

අපේ ගුවන් හමුදාවෙ කපීර් ප්‍රහාරක යානය ගැන කෙටි විස්තරයක් තමා මම අද මුලින්ම කියන්ඩ හදන්නෙ...



.......මේක මගේ පළමු බ්ලොග් සටහන.........
අපේ ගුවන් හමුදාවෙ කපීර් ප්‍රහාරක යානය ගැන කෙටි විස්තරයක් තමා මම අද මුලින්ම  කියන්ඩ හදන්නෙ...

Add caption


මේ තමා ඔයාල හොදින් අදුරන KFIR කපීර් යානය.අපේ ගුවන් හමුදාවටත් මෙවැනි යානා 08පමණ තියෙනව. මෙය හතරවන පරම්පරාවෙ යානයක්. හැබැයි ටිකක් මේ යානා පැරණියි. මෙහි පළමු යානය නිෂ්පාධනය කරල තියෙන්නෙ ඊශ්රායලයෙ.ඒ 1973 ජූනි මාසයේදී.නමුත් 1976 වර්ෂයේ තමයි මෙම යානා ප්‍රථම වරට භාවිතාව සදහා හදුන්වා දීල තියෙන්නෙ. හීබෘ භාෂාවෙන් කපීර් යන්නෙහි තේරුම වැලි කතරේ සිංහයා යන අරුතයි. මෙම යානයට පැයට කි.මී 2400 පමණ උපරිම වේගයකින් පියාසර කල හැකියි. මම දන්න තරමින් ලංකාවෙ උපරිම වේගය සහිත එකම ප්‍රහාරක යානයත් මේකයි.මෙම යානාවල් භාවිතා කරන්නෙ ලොකයේ රටවල් හතරක් පමණයි. ඒ ඊශ්රායලය, ඇමරිකානු එ.ජ නාවික හමුදාව,කොලොම්බියාව හා ශ්‍රී ලංකාව. නමුත් අද වන විට අමෙරිකාවයි, ඊශ්රායලයයි(1996දී) මෙම යානා බොහෝ දුරට විශ්‍රාම ගන්වලයි තියෙන්නෙ. ඒ ගොල්ලන්ට දැන් නවීන යානා ඇති නිසා. මෙම යානායක සාමාන්‍ය මිලි ඇ.ඩො 4.5 පමණ වෙනව. නමුත් විවිධ උපකරණ සමග මෙම යානා වල මිලගණන් වෙනස් වෙනව.මෙම යානාවල විවිධ සංස්කරණය කල යානා එක් එක් කාල වලදි එලිදක්වල තියෙනව. උදා හරණ වශයෙන් සී.2 , සී 7 , ටීසී 2 , ටීසී 7 , සී10 , සී 12 යනාදී වශයෙන්. මෙහා සී කියන යානා තමා ‍මෙහෙයුම් සදහා භාවිතා කරන්නෙ. මේවල ගමන් කරන්න පුලුවන් එක් නියමුවෙකුට පමණයි. නමූත් ටීසී යනුවෙන් නම් කර අති යානා වල නියමුවන් දෙදෙනෙකුට ගමන් කරන්න පුලුවන්. මේව වැඩි වශයෙන් භාවිතා කරන්නෙ නියමුවන්ගෙ පුහුණු කටයුතු සදහා පමණයි.
පහතින් දැන්වෙන්නෙ මේ යානා ගැන කෙටි විස්තරයක්.


Performance
  • Maximum speed: 2,440 km/h (1,317 knots, 1,516 mph) above 11,000 m (36,000 ft)
  • Combat radius: 768 km (415 nmi, 477 mi) (ground attack, hi-lo-hi profile, seven 500 lb bombs, two AAMs, two 1,300 L drop tanks)
  • Service ceiling: 17,680 m (58,000 ft)
  • Rate of climb: 233 m/s (45,950 ft/min)
Armament


හොදයි අපි ඊලග දවසෙ අපේ ලුවන් හමුදාවෙ වැඩිම බරක් ගෙනයන යානාය  මිග්-27  ගැන කතා කරමු.


No comments:

Post a Comment